ගුවන් හමුදා යානය කන්තලේ ප්‍රදේශයට කඩා වැටේ.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නියමුවන් පුහුණු කිරීමට යොදා ගන්නා PT-6 වර්ගයේ ගුවන් යානය කන්තලේ, සුරියපුර ප්‍රදේශයට කඩා වැටී ඇති බව වාර්තා වනවා.

අද උදෑසන ත්‍රිකුණාමලය චීනවරාය ගුවන් හමුදා පුහුණු පාසැලෙන් පුහුණුවීම් සඳහා පිටත්ව ගිය මෙම ගුවන් යානය ගුවන් ගමන් පාලක මැදිරිය සමග පැවැතී සම්බන්ධතා බිඳී ගොස් ඇති බවයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කපිතාන් දුෂාන් විජේසිංහ සඳහන් කළේ.

මේ වන විට ගුවන් හමුදා වෛද්‍ය කණ්ඩායම සහ ගලවා ගැනීමේ කණ්ඩායමක් විසින් යානය තුල සිරවී සිටින ගුවන් නියමුවා බේරා ගැනීමට කටයුතු කරමින් සිටින බවයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මෙම ගුවන් යානය කන්තලේ, සුරියපුර ප්‍රදේශයේ පිහිටි ජනරංජන වැව් බැම්ම ආසන්නයට කඩා වැටී ඇති බව සඳහන්.