බස්නාහිර පළාතේ ප‍්‍රදේශ කිහිපයක හුදෙකලා තත්ත්වයේ වෙනසක්!

පවතින කොරෝනා ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් අද අලූයම 05 සිට කි‍්‍රයාත්මක වන පරිදි ප‍්‍රදේශ කිහිපයක හුදෙකලා තත්ත්වයන් ඉවත් කර තවත් ප‍්‍රදේශ කිහිපයක් හුදෙකලා කෙරුණා.

කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානයේ ප‍්‍රධානී, යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ වැල්ලවත්ත පොලිස් වසමේ මයුර පෙදෙස, කළුතර දිස්ති‍්‍රක්කයේ බුලත්සිංහල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වේගන්ගල්ල නැගෙනහිර සහ වේගන්ගල්ල බටහිර ග‍්‍රාම නිලධාරී වසම් සහ කුඩා හීනිටියන්ගල ග‍්‍රාම නිලධාරී වසමේ මරික්කාර් වීදිය එලෙස අලූතින් හුදෙකලා කෙරුණු බවයි.

ගම්පහ දිස්ති‍්‍රක්කයේ වත්තල පොලිස් වසමේ කෙරවලපිටිය ග‍්‍රාම නිලධාරී වසමේ නයිදූව ප‍්‍රදේශය, වැලිකඩමුල්ල ග‍්‍රාම නිලධාරී වසමේ දූවේ වත්ත ප‍්‍රදේශය, පෑලියගොඩ පොලිස් වසමේ පට්ටියමුල්ල ග‍්‍රාම නිලධාරී කොට්ඨාසයේ රෝහණ විහාර මාවත ද අද අළුයම 05 සිට අලූතින් හුදෙකලා ප‍්‍රදේශ ලෙස නම් කෙරුණා. එමෙන්ම එම දිස්ති‍්‍රක්කයේ කිරිබත්ගොඩ පොලිස් වසමේ හුණුපිටිය උතුර ග‍්‍රාම නිලධාරී වසමේ වැදිකන්ද ප‍්‍රදේශය, නිට්ටඹුව පොලිස් වසමේ තිහාරිය උතුර සහ තිහාරිය නැගෙනහිර ග‍්‍රාම නිලධාරී වසම්වල වාරණ පන්සල පාර, කත්තොට පාර සහ හිද්‍රා මාවතට ඇතුල් වන ප‍්‍රදේශ ද අලූතින් හුදෙකලා ප‍්‍රදේශ ලෙස නම් කෙරුණු බවයි යුද හමුදාපතිවරයා පැවසුවේ.

මේ අතර මෝදර, කොටහේන, ග‍්‍රෑන්ඞ්පාස්, ආදුරුප්පුවීදිය, වේල්ල වීදිය, කෙසෙල්වත්ත, මාලිගාවත්ත, දෙමටගොඩ, මරදාන යන පොලිස් වසම් තවදුරටත් හුදකලා කර තිබෙනවා. ඊට අමතරව කොම්පඤ්ඤ වීදිය පොලිස් වසමේ වෑකන්ද ග‍්‍රාම නිලධාරී වසම, බොරැුල්ල පොලිස් වසමේ වනාතමුල්ල ග‍්‍රාම නිලධාරී වසම, වැල්ලම්පිටිය පොලිස් වසමේ සාලමුල්ල ග‍්‍රාම නිලධාරී වසම සහ ලක්සද සෙවන නිවාස යෝජනා ක‍්‍රමය තවදුරටත් හුදෙකලා කර ඇති බවයි යුද හමුදාපතිවරයා පැවසුවේ.

මට්ටක්කුලිය පොලිස් වසමේ ෆර්ගසන් පාරේ දකුණු කොටස, කොම්පඤ්ඤ පොලිස් වසමේ හුණුපිටිය ග‍්‍රාම නිලධාරී වසම, කුරුදුවත්ත පොලිස් වසමේ හැටේවත්ත සහ වැල්ලවත්ත පොලිස් වසමේ කෝකිලා පාර ද තවදුරටත් හුදෙකලා කර තිබෙනවා.

දැනට හුදෙකලාව පවතින පෑලියගොඩ පොලිස් වසමේ පෑලියගොඩවත්ත, පෑලියගොඩ ග`ගබඩ සහ මීගහවත්ත යන ග‍්‍රාම නිලධාරී වසම්, කිරිබත්ගොඩ පොලිස් වසමේ වෙළේගොඩ උතුර, මීගමුව පොලිස් වසමේ තල¥ව ග‍්‍රාම නිලධාරී වසමේ එම් සී නිවාස සංකීර්ණය සහ වේයන්ගොඩ පොලිස් වසමේ හිරිපිටිය දකුණ ග‍්‍රාම සේවා වසමේ නිදහස් මාවත යන ප‍්‍රදේශවලට තවදුරටත් හුදෙකලා තත්ත්වය කි‍්‍රයාත්මකයි.

දිවයිනේ සෙසු දිස්ති‍්‍රක්කයන්හි මේ වනවිට හුදෙකලා කර ඇති ප‍්‍රදේශයන් ද නැවත දැනුම් දෙනතුරු තවදුරටත් හුදෙකලා ප‍්‍රදේශයන් ලෙස පවතින බවයි යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර අද අලූයම පහේ සිට කොළඹ දිස්ති‍්‍රක්කයේ මහල් නිවාස 4 ක් හුදෙකලා තත්ත්වයෙන් මුදා හැරුණා. ඒ අතරට ග‍්‍රෑන්ඞ්පාස් පොලිස් බල ප‍්‍රදේශයේ සිරිසද සෙවණ සහ සිරිමුතු උයන ද අයත්. මාලිගාවත්ත පොලිස් බල ප‍්‍රදේශයේ ලක්හිරු සෙවණ සහ බොරැල්ල පොලිස් බල ප‍්‍රදේශයේ සිරිසර උයන ද අද හුදෙකලා තත්ත්වයෙන් මුදා හැරුණා.

ගම්පහ දිස්ති‍්‍රක්කයේ වත්තල පොලිස් වසමේ කෙරවලපිටිය, හේකිත්ත, කුරුදුහේන, ඇවරිවත්ත සහ වැලිකඩමුල්ල යන ග‍්‍රාම නිලධාරී වසම් මෙන්ම පෑලියගොඩ පොලිස් වසමේ පට්ටිය උතුර ග‍්‍රාම නිලධාරී වසම ද අලූයම පහේ සිට හුදෙකලා තත්ත්වයෙන් ඉවත් කර තිබෙනවා.