මහර ගැටුමෙන් මියගිය 09 දෙනෙකුට කොරෝනා!

පසුගියදා මහර බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන්තාවයෙන් මියගිය රැඳවියන් 11 දෙනා ගෙන් 09 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදී සිදුකළ PCR පරීක්ෂණ වලදී තහවුරු වී ඇතැයි රාගම රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා පවසනවා.

අද දිනය වන විට එලෙස මියගිය පුද්ගලයින් 09 දෙනෙකුගේ PCR පරීක්ෂණ සිදුකළ බවත් තවත් මියගිය රැඳවියන් දෙදෙනෙකුගේ PCR පරීක්ෂණ සිදුකිරීමට නියමිත බවයි රෝහල් අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.