හුදෙකලා කර ඇති ප්‍රදේශවල ජීවත් වන ජනතාවට තවත් සහන‍යක්!

කොළඹ දිස්ති‍්‍රක්කයේ දැනට හුදෙකලා කර ඇති ප‍්‍රදේශවල ජීවත්වන ජනතාව සඳහා සහන සැලසීමේ වැඩපිළිවෙල තවදුරටත් පුළුල් කිරීමට බළධාරීන් පියවර ගනිමින් සිටිනවා.

ඒ, සහන නොලැබුණු බවට දිගින් දිගටම එල්ල වන චෝදනා හේතුවෙන්. අමාත්‍ය චමල් රාජපක්ෂ පැවසුවේ කොළඹ ජනතාවගේ ගැටළුව කඩිනමින් විසඳන බවයි.

ඒ සඳහා නව වැඩපිලිවෙලක් ක‍්‍රියාත්මක කර ඇති බව කොළඹ දිස්ත‍්‍රික් ලේකම් ප‍්‍රදීප් යසරත්න ද කියා සිටියා. සහන හිමිවිය යුතු පවුල් මේ වනවිටත් තෝරා ගෙන ඇති බවයි කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රදීප් උඳුගොඩ මාධ්‍යවාර්තාකරුවෙකුට ප්‍රකශ කර ඇත.

කෙසේවෙතත් පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා සඳහන් කලේ නිසි පරිදි සහන බෙදාදීම සිදු නොවන බවයි.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රදීප් උඳුගොඩ කියා සිටියේ සහන ලබාදීම සඳහා ප‍්‍රතිපාදන පවා ලබා දී ඇති බවයි


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *