විස්සට සහය දුන් ඩයනාට දුරකථනයෙන් විනය පරීක්ෂණ

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා රට සංවර්ධනය කරනු ඇතැයි තමා තුළ පවතින විශ්වාසය මත විසි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට පක්‍ෂව ඡන්දය ලබාදුන් බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ති‍්‍රනී ඩයනා ගමගේ පවසනවා.

ඡන්ද විමසීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඇය ප‍්‍රකාශ කළේ ජනාධිපතිවරයාට වැඩ කිරීමට අවශ්‍ය බලය ලබාදිය යුතු බවයි.

මේ අතර, පක්‍ෂය ගත් තීරණයට එරෙහිව කටයුතු කළ ඩයනා ගමගේ මන්තී‍්‍රවරියට එරෙහිව විනය කි‍්‍රයාමාර්ග ගැනීමට සමගි ජනබලවේගය තීරණය කර තිබෙනවා.

එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මාධ්‍යවේදීන් කළ කරුණු විමසීමකදී මේ බව කියා සිටියා.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *