ඊයේ දින පමණක් මෙරට සිදු කළ PCR පරීක්ෂණ ගණන අටදහස ඉක්මවයි

ඉකුත් පෙබරවාරි මස 18 වනදා සිට මේ දක්වා කාලය තුලදී මෙරට සිදුකරන ලද වැඩිම PCR පරීක්ෂණ සංඛ්‍යාව ඊයේ සිදුකර තිබෙනවා. ඊයේ දිනයේදී පමණක් මෙරට තුළ PCR පරීක්ෂණ 8,789 ක් සිදුකර ඇති බවයි සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශය පැවසුවේ. 

ඒ අනුව මේවනවිට මෙරට තුළ සිදුකර ඇති සමස්ථ PCR පරීක්ෂණ සංඛ්‍යාව තුන්ලක්ෂ 57, 698 ක්. 

මේ අතර සෞඛ්‍ය අමාත්‍යංශයෙන් කෙරුණු ඉල්ලීමක් අනුව යළිත් PCR පරීක්ෂණ සිදුකිරීමට ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය තීරණය කර තිබෙනවා.

නෙත් නිවුස් කළ විමසීමකදී එහි උප කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ පැවසුවේ දිනකට PCR පරීක්ෂණ 200 ක් පමණ ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය තුළ සිදුකිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය සමග එකගතාවකට එළඹ ඇති බවයි


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *