රියාජ් බදියුදීන් නිදහස් කිරීම ගැන කරුණු විමසීමට සීඅයිඞී නි.පොලිස්පති හා විමර්ශන නිලධාරි අද නීතිපති හමුවට

පාස්කු බෝම්බ ප‍්‍රහාර මාලාව සිදු කළ මුස්ලිම් අන්තවාදීන්ට ආධාර අනුබලදීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන මාස 05 කට ආසන්න කාලයක් රැුඳවුම්භාරයේ තබාගැනීමෙන් අනතුරුව හිටපු ඇමැති රිෂාඞ් බදියුදීන් මහතාගේ සොහොයුරු රියාජ් බදියුදීන් අධිකරණයට ඉදිරිපත් කිරීමකින්…

තොරව නිදහස් කිරීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට හා එකී විමර්ශන සිදුකළ ප‍්‍රධාන විමර්ශන නිලධාරියාද අද (12 දා) දින නීතිපති දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට නීතිපතිවරයා දන්වා ඇත.

නීතිපති දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින විට රියාජ් බදියුදීන් සම්බන්ධයෙන් සිදුකළ සියලූ විමර්ශන ගොනු සහ උදෘත රැුගෙන එන ලෙසද නීතිපති දප්පුලද ලිවේරා මහතා එම නිලධාරීන්ට දැනුම් දී ඇතැයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරි රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය ප‍්‍රකාශ කළාය.

එකී විමර්ශන සම්බන්ධයෙන් තමා දැනුවත් කිරීමකින් තොරව හා තමාගේ අධීක්‍ෂණයකින් තොරව එම සැකකරු නිදහස් කළේ කෙසේද යන්න ගැන කරුණු පැහැදිලි කර ගැනීම සඳහා එම නිලධාරීන් කැඳවීමට නීතිපතිවරයා පියවර ගත් බවද නිෂාරා ජයරත්න මහත්මිය ප‍්‍රකාශ කළාය.

පසුගිය වසරේ පාස්කු ඉරිදා (අපේ‍්‍රල් 21 වැනිදා) එල්ලවූ පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් තමා අත්අඩංගුවට ගැනීමට එරෙහිව රියාජ් බදියුදීන් මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබූ මූලික අයිතිවාසිකම් හා ඔහුව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝගයක් කරන්නැයි ඉල්ලා ඔහුගේ ඥාතීන් විසින් අභියාචනාධිකරණයට ඉදිරිපත් කර තිබූ අබයාස් කෝප‍්‍රස් පෙත්සම ඉල්ලා අස්කර ගැනීමෙන් පසුව අධිකරණයට කරුණු වාර්තා කිරීමකින් තොරව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව එම සැකකරු අපරාධ චෝදනාවලින් නිදහස් කිරීම කෙරෙහිද නීතිපතිවරයාගේ අවධානය යොමු වී ඇතැයිද නිෂාරා ජයරත්න මෙනෙවිය සඳහන් කළාය.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අද ඉදිරිපත් කරනු ලබන කරුණු අධ්‍යනය කිරීමෙන් අනතුරුව රියාජ් බදියුදීන් සම්බන්ධයෙන් සුදුසු ක‍්‍රියාමාර්ග ගැනීමට අදාළ පාර්ශවවලට නීතිපතිවරයා උපදෙස් ලබාදීමට නියමිතව ඇතැයි එම දෙපාර්තමේන්තු ආරංචිමාර්ග පැවසීය.

දිවයින පුවත් පතින්.