මිනුවන්ගොඩ කොරෝනා පොකුර පළමු හා දෙවන ආශ‍්‍රිතයන් දක්වා පැතිරිලා – යුද හමුදාපති

මිනුවන්ගොඩ කොරෝනා පොකුර පළමු සහ දෙවැනි ආශ‍්‍රිතයන් දක්වා විහිදී ගොස් ඇති බව පෙනී යන බව යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප‍්‍රකාශ කරයි.

මෙම අවස්ථාවේදී මිනුවන්ගොඩ කොරෝනා වෛරස පොකුරේ පළමු ආසාදිතයා කවුරුන්ද යන්න තවමත් හඳුනා ගැනීමට හැකියාවක් නැති වුවද, වැඩි අවධානයක් යොමු කර ඇත්තේ ඊළඟට මෙම වෛරසයට ගොදුරු විය හැක්කේ කවුරුන්ද යන්න කෙරෙහි බව යුද හමුදාපතිවරයා සඳහන් කරයි.

එක් කොරෝනා ආසාදිතයකු හරහා 522ක් වැනි පිරිසකට වෛරසය පැතිරිය හැකි බවත්, වෛරසය සමාජගත වී ඇති බවට තවම නිශ්චිත වශයෙන්ම ප‍්‍රකාශ කළ නොහැකි බවත් යුද හමුදාපතිවරයා වැඩි දුරටත් ප‍්‍රකාශ කරයි. වෛරසය සමාජගත වීම රැඳී පවතින්නේ ජනතාවගේ හැසිරීම මත බව ද හෙතෙම පෙන්වා දෙයි.