උසස් පෙළ විභාගය අද සිට – අයදුම්කරුවෝ 3,62,824ක් – විභාග මධ්‍යස්ථාන 2648ක්

ඇඳිරිනීතිය පනවා ඇති ප‍්‍රදේශවල සිසුන් සඳහා අමතර පාසල් 12 ක්

අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගය (2020) අද (12 දා) ආරම්භ වෙයි. විභාගයට පෙනි සිටින සෑම ශිෂ්‍ය ශිෂ්‍යාවක්ම විභාගය ආරම්භ වීමට පැයකට පෙර සෞඛ්‍ය ආරක්‍ෂිතව තමන්ට අදාළ විභාග මධ්‍යස්ථානය වෙත වාර්තා කළ යුතු බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පවසයි.

විභාගය පෙරවරු 8.30 ට ආරම්භ වන අතර, විභාගයට පෙනී සිටින සියලූම අපේක්‍ෂකයන් පෙරවරු 7.30 වන විට විභාග මධ්‍යස්ථානවලට පැමිණිය යුතු යැයි ද හෙතෙම කීය.

උසස් පෙළ විභාගය අදින් ආරම්භ වී ලබන නොවැම්බර් 06 වැනිදා තෙක් විභාග මධ්‍යස්ථාන 2648 කදී පැවැත්වේ. විභාගය සඳහා අයැදුම්කරුවන් 3,62,824 ක් පෙනී සිටින අතර ඔවුන් සියලූදෙනා විභාග ප‍්‍රවේශපත‍්‍රය සමඟ ජාතික හැඳුනුම්පත හෝ වලංගු විදේශ ගමන් බලපත‍්‍රයක් හෝ වලංගු රියැදුරු බලපත‍්‍රයක් ඉදිරිපත් කළ යුතු යැයි ද විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.

ගම්පහ දිස්ති‍්‍රක්කයේ සිට වෙනත් ප‍්‍රදේශවල විභාග මධ්‍යස්ථානවලදී විභාගය සඳහා පෙනී සිටීමට නියමිත (ඇඳිරි නීතිය පනවා ඇති ප‍්‍රදේශවල දරුවන් හැර) අපේක්‍ෂකයන්ට විභාග ප‍්‍රවේශ පත‍්‍රය ඇඳිරිනීති බලපත‍්‍රය ලෙස යොදා ගනිමින් විභාග මධ්‍යස්ථානවලට පැමිණිය හැකිය. ඇඳිරිනීතිය පනවා ඇති පොලිස් බල ප‍්‍රදේශවල අපේක්‍ෂකයන් අනිවාර්යයෙන් පහත සඳහන් පාසල්වලට යා යුතුය.

ගනේමුල්ල පොලිස් බල ප‍්‍රදේශයේ අපේක්‍ෂකයන් බුළුගහගොඩ ශ‍්‍රී විජය මහා විද්‍යාලය, යක්කල, ගම්පහ, වීරඟුල අපේක්‍ෂකයන් මිරිස්වත්ත කැප්පෙටිපොළ මහා විද්‍යාලය, කිරිඳිවැල අපේක්‍ෂකයන් කිරිඳිවැල මහා විද්‍යාලය, වැලිවේරිය, මල්වතුහිරිපිටිය අපේක්‍ෂකයන් වැලිවේරිය මද්දුම බණ්ඩාර මහා විද්‍යාලය, දොම්පේ පූගොඩ අපේක්‍ෂකයන් සියනෑ ජාතික පාසල, දොම්පේ නිට්ටඹුව, වේයන්ගොඩ අපේක්‍ෂකයන් නිට්ටඹුව බෞද්ධ විද්‍යාලය, මීරිගම, පල්ලෙවෙල කල්එළිය සිරි විද්‍යාකීර්ති කනිෂ්ඨ විද්‍යාලය, මිනුවන්ගොඩ අපේක්‍ෂකයන් කොටුගොඩ රාහුල විද්‍යාලය, දිවුලපිටිය අපේක්‍ෂකයන් දූනගහ රාජසිංහ මහා විද්‍යාලය, දිවුලපිටිය සීදුව අපේක්‍ෂකයන් මූකලන්ගමුව බණ්ඩාරනායක මහා විද්‍යාලය, ජාඇල, කඳාන අපේක්‍ෂකයන් දෙහියාගාත හෝලික්‍රොස් විද්‍යාලය, කැලණිය අපේක්‍ෂකයන්ට කිරිල්ලවල මධ්‍ය මහා විද්‍යාලය යන විද්‍යාලවල පිහිටි විභාග මධ්‍යස්ථානවලදී විභාගයට ඉදිරිපත් විය හැක.

පැය 03 ක කාලයක් වෙන්කර ඇති විභාග ප‍්‍රශ්න පත‍්‍ර සඳහා ප‍්‍රශ්න පත‍්‍රය කියවීමට හා ප‍්‍රශ්න තෝරා ගැනීමට විනාඩි 10 ක අතිරේක කාලයක් ලබා දෙයි.

මෙවර විභාගයේ 33 – ගිණුම්කරණය, 65 – ඉංජිනේරු තාක්‍ෂණවේදය, 66 – ජෛව පද්ධති තාක්‍ෂණවේදය හා 67 – තාක්‍ෂණවේදය සඳහා විද්‍යාව යන විෂයයන් සඳහා පමණක් වැඩසටහන් සම්පාදනය කළ නොහැකි සාමාන්‍ය ගණක යන්ත‍්‍ර භාවිතා කිරීමට අවසර ලබා දෙයි.

විභාග අපේක්‍ෂකයන් ස්මාර්ට් අත්ඔරලෝසු, ජංගම දුරකථන සහ අවසර නොලත් සියලූ විiුත් උපකරණ විභාග ශාලාව වෙත රැුගෙන යෑම තහනම් වේ. විභාග වංචාවක් සිදුකරන අයදුම්කරුවන්ට වසර 05 කට ශ‍්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවෙන් පවත්වනු ලබන සියලූම විභාග සඳහා පෙනී සිටීමට තහනමක් පනවනු ලබන අතර මෙවර විභාගයේ ප‍්‍රතිඵල ද අවලංගු කිරීමට කටයුතු කෙරේ.

විභාග අපේක්‍ෂකයන්ට ප‍්‍රවාහන පහසුකම් සැලසීම සඳහා අපේක්‍ෂකයන්ගේ දෙමාපියන්ට සහ අපේක්‍ෂකයන්ට ගමන් කළ හැකි දුම්රිය මැදිරි සහිත දුම්රිය දෙකක් කොළඹ සහ පොල්ගහවෙල අතර ධාවනය කිරීමට කටයුතු කර ඇතැයි දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ඒ. බී. ජී. සෙනෙවිරත්න මහතා පැවසීය. ශ‍්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා ද කියා සිටියේ අපේක්‍ෂකයන්ට ප‍්‍රවාහන පහසුකම් සැපයීම සඳහා බස් රථ යෙදවීමට කටයුතු කර තිබෙන බවයි.