කොව්ඩ් රෝගීයා අසු උන හැටි!

කොවිඩ් පිලිබද සෞඛ්‍ය මාර්ගෝපදේශ පිලිපැදීම ගැන විපරම හෙට සිට යලි දැඩිව සිදුකෙරේ.

“යම්කිසි උණ තත්ත්වයක්, රෝග ලක්ෂණයක් තමන්ට තිබෙනවා නම් තමන්ට අයත් ප්‍රදේශයේ ප්‍රධාන රෝහලකට ඇතුලු වන්න. මොකද මේ රෝගියා අපට සොයා ගැනීමට හැකි වුණේ අපි සෑම ප්‍රධාන රෝහලකටම උපදෙස් ලබාදී තිබෙනවා සෑම දිනකම 10 දෙනෙකුගේ පී.සී.ආර් පරීක්ෂණ සිදු කිරිම සදහා අවශ්‍ය නියැදි ලබාගන්නා ලෙස. ඒ අනුව තමයි මෙම රෝගියා සොයා ගැනීමට හැකි වුණේ. නැවැත ස්ථාන 03 කින් පරීක්ෂා කිරීමෙන් අනතුරුව තමයි නිශ්චිතවම කොවිඩ් -19 ආසාදිත බවට තහවුරු කරගෙන තිබෙන්නේ. මේ රටේ කොවිඩ් -19 පාලනයට ඉතා තදින් අවශ්‍ය ක්‍රියාමාර්ග ඉදිරියේ දීත් ගනු ලබනවා.”“කොවිඩ් – 19 පාලනයට ජනතාව ලබාදුන් සහයෝගය නැවත ලබාදෙන්න, සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න, සෞඛ්‍ය මාර්ගෝපදේශණ සියළු අංශ පිළිපදිනවා ද යන්න සෞඛ්‍ය අංශ මගින් තදින් සොයා බැලීමට කටයුතු කරනවා” – සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

මේ අතර කොව්ඩ් ආසාදිත වු සේවිකාව ගැන බ්‍රැන්ඩික්ස් සමාගමේ නිල නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

බ්‍රැන්ඩික්ස් සමාගමේ නිල නිවේදනය

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවේ සාමාජිකාවකට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට කලින්ම හඳුනා ගැනේ.බ්‍රැන්ඩික්ස් සමාගමේ මිනුවන්ගොඩ පිහිටි කර්මාන්තශාලාවේ සාමාජිකාවකට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව එම සමාගම හඳුනාගෙන ඇත. බ්‍රැන්ඩික්ස් සමාගමේ සියලු මෙහෙයුම් අංශ තුළ දැඩි සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද ක්‍රියාත්මක කර ඇති අතර මහජන සෞඛ්‍ය පරීක්ෂක ඇතුළු අදාළ සෞඛ්‍ය බලධාරීන්ගේ කඩිනම් ක්‍රියාමාර්ග සහ සහයෝගය හේතුවෙන් එම ආසාදන තත්ත්වය කලින් ම හඳුනාගෙන එම සාමාජිකාව වහාම ප්‍රතිකාර සඳහා IDH රෝහලට ඇතුළත් කර තවදුරටත් වෛරසය ව්‍යාප්ත වීම පාලනය කර ගැනීමට හැකි වී ඇත.මෙම ක්‍රියාවලිය සඳහා අදාළ බලධාරීන්ගේ උපදෙස් මත ඔවුන්ට අවශ්‍ය උපරිම සහයෝගය ලබාදීමට අපි කටයුතු කරන්නෙමු. වෛරසය ව්‍යාප්ත වීම මුළුමනින්ම නවතා දැමීම සඳහා එම සාමාජිකාව සේවය කළ පරිශ්‍රය දැඩි විෂබීජහරණයකට ලක් කිරීම ඇතුළු කඩිනම් ක්‍රියාමාර්ග රැසක් මේවන විට ද ගෙන ඇත. එම රෝගියා සමග කටයුතු කළ එම පරිශ්‍රයේ තවත් සාමාජිකයන් 45 දෙනෙක් ද ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් ද වහාම නිරෝධායනයට ලක් කර ඇති අතර ඔවුන්ට එම වෛරසය ආසාදනය වී ඇතිදැයි තහවුරු කර ගැනීම සඳහා PCR පරීක්ෂණ සිදු කෙරේ.මෙම අවස්ථාවේදී අදාළ බලධාරීන් ලබාදුන් කඩිනම් ප්‍රතිචාර සහ අඛණ්ඩ සහයෝගය වෙනුවෙන් ඔවුන්ට අපගේ කෘතඥතාව පළකර සිටිමු. අපගේ කාර්යමණ්ඩල සාමාජිකයන්ගේත් ඔවුන්ගේ ප්‍රජාවගේත් සුරක්ෂිතතාව සඳහා අපගේ උපරිම ප්‍රමුඛතාව ලබාදී ඇති බැවින් සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් අනුව අප විසින් ක්‍රියාත්මක කරනු ලබන දැඩි ආරක්ෂණ ක්‍රමවේද අඛණ්ඩව ඉදිරියටත් ක්‍රියාත්මක කිරීමට අපි කැපවී සිටිමු.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *