වටේ ප‍්‍රමාණයේ මිලට පොල් තිබේ දැයි සොයා බැලීමට බලධාරීන් කඬේ යයි!

වටප‍්‍රමාණය අනුව පොල් සඳහා පැනවූ උපරිම සිල්ලර මිල කි‍්‍රයාත්මක වන්නේ දැයි සොයා පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් වෙළදපොල නිරීක්‍ෂණයක් සිදුකිරීමට තීරණය කර තිබෙනවා. එහි පළමු අදියර ලෙස ඊයේ දිනයේදී දෙමටගොඩ සහ නාරාහේන්පිට පොදු වෙළද පොලේ සංචාරයක නිරතවෙමින් පොල් මිල ගණන් සොයා බැලීම් සිදුකළා.

මාධ්‍යවාර්තාකරුවේකු හරහා සිදුකළ සොයා බැලීමකදී අනාවරණ වුණේ දිවයිනේ බොහෝ ප‍්‍රදේශවල පාලන මිලට පොල් අළෙවි නොවන බවයි. පාලන මිල පැනවීමට පෙර වැඩි මිලට තොග වශයෙන් ලබාගත් පොල් තවමත් වෙළද පොල තුළ පැවතීම ඊට එක් හේතුවක් ලෙසටයි දැකගත හැකි වුණේ. වෙළදුන් පැවසුවේ පාලන මිලට ලබාදීමට පොල් නොමැති බවයි. පාලන මිලට ලබාගැනීමට වෙළද පොලේ පොල් නොමැති බව පාරිභෝගිකයින් පවසනවා.

ඉකුත් සෙනසුරාදා සිට කි‍්‍රයාත්තමක වන පරිදි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් වට ප‍්‍රමාණය අනුව පොල් ස`දහා පාලන මිලක් නියම කරනු ලැබුවා. මෙලෙස පොල් සඳහා උපරිම සිල්ලර මිලක් ප‍්‍රකාශයට පත් කර ඇත්තේ ඉතිහාසයේ දෙවන අවස්ථාව මෙයයි.

ඒ අනුව වටප‍්‍රමාණය අගල් 12 කට අඩු පොල් සඳහා ගෙඩියක් රුපියල් 60 ක් වන ලෙස උපරිම සිල්ලර මිල ප‍්‍රකාශයට පත් කර තිබෙනවා. වටප‍්‍රමාණය අගල් 12 ත් 13 ත් අතර පොල් සඳහා ගෙඩියක් සඳහා උපරිම සිල්ලර මිල ලෙස ප‍්‍රකාශයට පත් කර ඇත්තේ රුපියල් 65 ක්.

වටප‍්‍රමාණය අගල් 13 ට වැඩි පොල් සඳහා ගෙඩියක් රුපියල් 70 ක් වන පරිදි උපරිම සිල්ලර මිල ප‍්‍රකාශයට පත් කර තිබෙනවා.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසුවේ කිසිඳු නිෂ්පාදකයෙකු, බෙදාහරින්නෙකු හෝ වෙළෙන්දෙකු විසින් මෙම උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලකට පොල් අලෙවි කිරීම සිදු නොකළ යුතු බවයි.

ඉකුත් සමයේ මෙරට පොල් ගෙඩියක මිල රුපියල් 100 ත් 120 ත් දක්වා ඉහළ ගියා. පොල් අස්වැන්න අඩුවීම සහ පොල් ආශි‍්‍රත වෙනත් කර්මාන්ත වෙනුවෙන් අපනයන වෙළඳපොලක් ඇතිවීම ඊට ප‍්‍රධාන හේතුව වුණා.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *