පොලිස් මෙහෙයුම් දැඩි වේ!

පාතාලය මර්දනය කිරීමේ රටපුරා කි‍්‍රයාත්මක මෙහෙයුම් යටතේ අවිආයුධ සහ පුපුරණ ද්‍රව්‍ය සමග තවත් පුද්ගලන් කිහිපදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වෙන්නප්පුව, ලූණුවිල ප‍්‍රදේශයේදී සජීවි පතරොම්, පිහි සහ කඩු සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගෝනහේන පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදීයි.

එහිදී බෝර 12 පතරොම් 102 ක්, පාවිච්චි කරන ලද බෝර 12 හිස් පතරොම් කොපු 35 ක් කුඩා යකඩ බෝල අඩංගු පෙට්ටි 24 ක්ද ද සොයාගෙන තිබෙනවා. කඩු 06 ක්, පිහි 4 ක් එහි කොපු 4 ක්ද මෙහිදී සොයාගත් බවයි පොලීසිය පැවසුවේ.

වයස අවුරුදු 23 ක් වන පුද්ගලයෙකුද මෙහිදී අත්අඩංගුවට ගැණුනා. වැඩිදුර විමර්ශන සදහා සැකකරු අවි ආයුද සමග වෙන්නප්පුව පොලීසියට භාරදුන් බවයි පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් පැවසුවේ.

ගල්කිස්ස, පිරිවෙන පාරේ තිබියදී උණ්ඩ රැුසක් සොයාගෙන ඇත්තේ ගල්කිස්ස කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදීයි.

එම උණ්ඩ කාණුවක දමාගොස් තිබියදී සොයා ගෙන තිබෙනවා. මෙලෙස සොයාගෙන ඇත්තේ් මිලිමීටර් 9 වර්ගයේ ජීව උණ්ඩ 50 බැගින් අඩංගු පෙට්ටි 02 ක් , බෝර 12 ජීව උන්ඩ 04 ක් සහිත පාර්සලයක්.

මේ අතර තබ්බෝව, මුරියාකුලම ප‍්‍රදේශයේ නිවසක ස`ගවා තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගයක් කරුවලගස්වැව පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.

එම නිවසේ තිබී වෙඩි බෙහෙත් ග‍්‍රෑම් 138 ක්, ජෙලිග්නයිට් කූරු 02 ක්, ඩෙටනේටර් 06 ක් සහ සේවා නූල් අඩි 26 ක්ද සොයාගත් බවයි පොලීසිය පැවසුවේ. වයස අවුරුදු 47 ක්වූ නිවසේ හිමිකරුද මෙහිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිය සහෝදරයෙකු ගල් වලක් පවත්වා ගෙන ගිය බවත්, මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය සහෝදරයා විසින් නිවසේ තබා තිබෙන්නට ඇති බවට විශ්වාස කරන බවත් සැකකරු පොලීසිය හමුවේ ප‍්‍රකාශ කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

කෙසේවෙතත් මීට වසර 05 කට පමණ පෙර සැකකරුගේ සහෝදරයා මිය ගිය බවයි ඔහු පවසා ඇත්තේ. පොලීසියට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කෙරුණා.

මේ අතර වාලච්චේන, මීරාවෝෙඩෙ කැළෑබද ප‍්‍රදේශයවක සඟවා තිබූ විදේශ රටක නිෂ්පාදිත ගිනි අවියක් සොයාගෙන තිබෙනවා. ඒ, වාලච්චේන පොලිස් විශේෂ කාර්ය බලකා කදවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදීයි.

විදේශ රටක නිෂ්පාදිත තවත් ගිනි අවියක් අකුරැුස්ස, පරඳූව ප‍්‍රදේශයේදී සොයාගෙන තිබෙනවා. වයස අවුරුදු 42 ක සැකකරුවෙකුද එහිදී අත්අඩංගුවට ගැණුනා.

ඒ, ලද තොරතුරක් මත කොක්මාදුව පොලිස් විශේෂ කාර්ය බලකා කදවුරේ නිලධාරීන් සිදුකළ වැටලීමකදීයි.

මෙරට නිෂ්පාදිත ගිනි අවියක්ද කලංවංචිකුඩි පොලිස් විශේෂ කාර්ය බලකා කදවුරේ නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා. ඒ, කොක්කඩිචෝලේ, වාක්‍යාපාලම් කැළෑබද ප‍්‍රදේශයක ස`ගවා තිබියදීයි.