ගිනි ගත් MT නිව් ඩයමන්ඩ් නෞකාවෙන් සාගරයට වුණු හානිය අනාවරණය වෙයි!

ශ‍්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේදී ගිනි ගැනීමට ලක්වූ MT නිව් ඩයමන්ඩ් නෞකාවේ ඉන්ධන සාගරයට කාන්දු වී ඇතැයි පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.

ඒ අනුව සමුද්‍ර දූෂණයක් සිදුව ඇති බවයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අදිකාරිය විසින් පත් කරන ලද විශේෂඥ කමිටුව සිය වාර්තාව මගින් පෙන්වා දී ඇත්තේ.

අදාළ වාර්තාව ඊයේ (24) පස්වරුවේ නීතිපතිවරයාට ද භාරදුන්නා.

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති නීතීඥ දර්ශනී ලහඳපුර නෙත් නිවුස් වෙත කියා සිටියේ විශේෂඥ කණ්ඩායමක් විසින් අදාළ වාර්තාව සකස් කළ බවයි.

නෞකාව අයත් සමාගමට ඉදිරියේදී අදාළ වාර්තාවේ විස්තර ලබාදීමට නියමිත බව ද සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිවරිය ප‍්‍රකාශ කළා. ඉදිරි පියවර ගනු ලබන්නේ ඉන් පසුව බවයි ඇය සඳහන් කළේ.

ගිනි ගැනීමට ලක්වූ MT නිව් ඩයමන්ඞ් නෞකාවේ ගින්න නිවීමට මැදිහත්වූ මෙරට ආයතන සඳහා මූලික වන්දි ගෙවීමක් ලෙස රුපියල් මිලියන 340 ක් ගෙවීමට නෞකාව හිමි සමාගම එකගතාව පළ කර තිබෙනවා.

කෙසේවෙතත් ඒ සඳහා තවත් රුපියල් මිලියන 100 ක් ලබාදෙන ලෙසයි නීතිපතිවරයා නෞකා අයත් සමාගමට දැනුම් දී ඇත්තේ.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *