විපක්ෂයේ විරෝධය මැද විස්ස පාර්ලිමේන්තුවට

20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා.

අධිකරණ අමාත්‍ය, අලි සබ්රි විසින් එය ඉදිරිපත් කළා.

විපක්ෂ මන්ත්‍රීවරු ඊට විරෝධතා දැක්වූවා.

අද (22) පාර්ලිමේන්තුව උදෑසන 10.00ට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරඹුණු අතර සවස 5.30 දක්වා පාර්ලිමේන්තු පැවැත්වෙයි.