කළු තූෂාරගේ සගයෙක් පොලීසියට කොටු

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින පාතාල කල්ලි සාමාජිකයෙකු වන ”කළු තුෂාර” නමැත්තාගේ සමීපතමයෙකු ගොතටුව ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු සතුව තිබී හෙරොයින් ග‍්‍රෑම් 58 කට ආසන්න 
ප‍්‍රමාණයක් ද අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.

මේ අතර, හෙරොයින් ග‍්‍රෑම් 300 ක් සමග සැකකරුවන් 09 දෙනෙකු සපුගස්කන්ද ප‍්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සපුගස්කන්ද ප‍්‍රදේශයේ ස්ථාන කිහිපයක සිදු කළ වැටලීම්වලදී එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ. 

අද උදෑසන 5 න් අවසන් වූ ගත වූ පැය 23 ක කාලය තුළදී මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 417 දෙනෙකු බස්නාහිර පළාතේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ උපදෙස් පරිදි සිදු කළ වැටලීම්වලදීයි. 

එහිදී හෙරොයින් සමග සැකකරුවන් 180 දෙනෙකු සහ ගංජා සමග සැකකරුවන් 88 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. නීතිවිරෝධී මත්පැන් බෝතල් 1,116 ක් සමග සැකකරුවන් 101 දෙනෙකු ද එම වැටලීම්වලදී අත්අඩංගුවට ගත් බවයි බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යයාලය වැඩිදුරටත් ස`දහන් කළේ. 

මේ අතර, කේරළ ගංජා කිලෝග‍්‍රෑම් හයයි ග‍්‍රෑම් 300 ක් සමග සැකකරුවෙකු තණමල්විල ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් සිදු කළ වැටලීමකදීයි. සැකකරු, තණමල්විල ප‍්‍රදෙශයේ කේරළ ගංජා ජාවාරමේ නිරත වූ ප‍්‍රධාන සැකරුවෙකු බවට පොලිසියට තොරතුරු අනාවරණ වී තිබෙනවා.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *