රනිල්, මංගල, අනුර සහ සුමන්තිරන් දේශපාලන පලිගැනීම් සොයන ජනපති කොමිසමට

හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු දේශපාලනඥයන් පිරිසක් අද දිනයේද දේශපාලන පළිගැනීම් පිළිබඳ සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ පෙනී සිටියා. හිටපු අග‍්‍රාමාත්‍යරවයාට අමතරව යහපාලන ආණ්ඩුව සමයේ පැවති දුෂණ විරෝධී කමිටුවේ සාමාජිකයින් වන මංගල සමරවීර, පාඨලී චම්පික රණවක, මලික් සමරවික‍්‍රම, අනුර කුමාර දිසානායක සහ එම්.ඒ. සුමන්තිරන් ද එම කොමිසම හමුවේ පෙනී සිටි බවයි වාර්තාකරු පැවසුවේ. ඒ අද පෙරවරු 10 ට කොමිසම හමුවේ පෙනී සිටින ලෙස ඔවුන්ට කළ දැනුම්දීමකට අනුවයි.

දිවි නැගුම හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලකට අදාළව වගඋත්තරකරුවන් ලෙස එම පිරිස නම් කර තිබුණා. ඒ අනුව ප‍්‍රකාශ ලබාදීමෙන් අනතුරුව පෙරවරු 11.30ට පමණ හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා, එම්.ඒ. සුමන්තිරන් හා අනුර කුමාර දිසානායක යන පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් කොමිසමෙන් පිටව ගොස් තිබෙනවා. .