පාස්කු ප‍්‍රහාරයට වගකිව යුත්තේ පොලීසියයි – හිටපු ජාතික බුද්ධි ප‍්‍රධානියා කිය

පාස්කු ප‍්‍රහාරය වළක්වා ගැනීමට නොහැකි වුයේ තම රාජකාරි පැහැර හැරීමක් නිසා යැයි පිළිනොගන්නා බව හිටපු ජාතික බුද්ධි ප‍්‍රධානි සිසිර මෙන්ඩිස් මහතා පවසනවා. 

පාස්කු ප‍්‍රහාරය පිළිබද සොයාබැලෙන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් ඔහු සඳහන් කළේ පාස්කු ප‍්‍රහාරය වළක්වා ගත නොහැකි වුයේ පොලිස්පතිවරයා ප‍්‍රමුඛ පොලිස් දෙපාර්තමේන්තුව, ත‍්‍රස්ත මර්ධන හා විමර්ශන කොට්ඨාසය සහ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සහරාන් හෂීම් අත්අඩංගුවට ගැනීමට අසමත් වූ නිසා බවයි.

කෙසේවෙතත් හිටපු ජාතික බුද්ධි ප‍්‍රධානි සිසිර මෙන්ඩිස්ගෙන් හරස් ප‍්‍රශ්න ඇසීමට ලබාදුන් අවස්ථාවේ බොහෝ පාර්ශව එහි රැදී නොසිටීම ජනපති කොමිසමේ දැඩි අප‍්‍රසාදයට ලක්වුණා. 

ජාතික බුද්ධි ප‍්‍රධානී ලෙස පාස්කු ප‍්‍රහාරය එල්ලවන අවස්ථාවේ සේවය කළ විශ‍්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස්  ජනාධිපති කොමිසම හමුවේ ඊයේ සාක්ෂි ලබාදුන්නේ 06 වන දිනටයි.

මේ අතර පාර්ශව කිහිපයක් අද දිනයේත් පාස්කු ප‍්‍රහාරය පිළිබඳ සොයා බැලෙන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමට නියමිතයි. 


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *