ආනවිලූන්දාව වැනසූ බැකෝ යන්ත‍්‍රය සහ රියදුරා අත්අඩංගුවට

ආනවිලූන්දාව රම්සා තෙත් බිම් අභය භූමියේ කොටසක් එළි-පෙහෙළි කර ඉස්සන් ගොවිපළක් ඉදි කිරීමට යොදාගත් බැකෝ යන්ත‍්‍රය සහ එහි රියදුරා ආරච්චිකට්ටුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, අද පස්වරුවේයි. පොලිිසිය විසින් එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මූන්දලම කීරියන්කල්ලිය ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.

වනජීවී දෙපාර්තමේන්තුවේ පුත්තලම දිස්ති‍්‍රක් සහකාර අධ්‍යක්ෂවරයා කර ඇති පැමිණිල්ලක් අනුව ආරච්චිකට්ටුව පොලිසිය එම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙනවා.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *