අතුරලියේ රතන හිමි අතුරුදන් !

අපේ ජනබල පක්‍ෂයේ මහ ලේකම් වේදිනිගම විමලතිස්ස හිමියන් පැහැරගත් බවට ලැබී ඇති පැමිණිල්ල විභාග කිරීම සඳහා ඊයේ (23 වැනිදා* කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ පෙනී සිටින බවට දන්වා තිබුණ ද අතුරලියේ රතන හිමියෝ ඊයේ දිනයේ ද එහි පැමිණ නොසිටියහ.
 වේදිනිගම විමලතිස්ස හිමියන් පැහැරගත් බවට අතුරලියේ රතන හිමියන්ට එරෙහිව ඉකුත් 19 වැනිදා විමලතිස්ස හිමියන්ගේ සම්බන්ධීකරණ ලේකම් පූජ්‍ය හුණුපිටියේ චන්ද්‍රසිරි හිමියන් විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි.
 
 ඒ අනුව පොලිසිය පැමිණිල්ල විභාගයට ගත් අතර කොළඹ දිසාව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා රතන හිමියන් හමුවීම සඳහා උන්වහන්සේ වැඩසිටින සදහම් සෙවන විහාරස්ථානයට ගියද රතන හිමියන් එහි සිටි නැත.
 
 පසුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා උන්වහන්සේව දුරකථනයෙන් සම්බන්ධ කරගත් අවස්ථාවේ පැමිණිලි විභාගය සඳහා ඊයේ (23 වැනිදා* කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට පැමිණෙන බව දැනුම් දී තිබුණද ඊයේ රතන හිමියන් එහි පැමිණ නැත.
 
 මේ වන විට අපේ ජනබල පක්‍ෂයේ මහ ලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් පැහැරගත් බවට චෝදනා එල්ල වී සිටින අතුරලියේ රතන හිමියන් අතුරුදන්ව සිටින බව පොලිසිය සඳහන් කරයි


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *