9 වෙනි පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය

ජනතාව ලබාදුන් ජනවරම නිවැරැදී අර්ථකථනය කිරීම වැදගත් බවත් ලද තනතුරු හෝ වරප්‍රසාධ ගැන නොව ජනතාවගේ අපේක්ෂාවන් ඉටු කිරිමේ වගකීම අප සතුව ඇති බවත් මොනම හේතුවකටවත් ජනතාවගේ අපේක්ෂාවන් බිඳෙන අයුරින් කටයුතු නොකොට තම වගකීම වන ජනතාවට සේවය කිරීමට කටයුතු කළ යුතු බව ජනතා ඡන්දයෙන් තේරී පත් වූ නියෝජිතයින් සැම විටම මතක තබා ගත යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය සිදුකරමින් අවධාරණය කර සිටිනවා.

” අගෝස්තු 05 වෙනිදා පැවති මැතිවරණය සුවිශේෂී මැතිවරණයක්. ඉතිහාසයේ පළමු වරට සමානුපාතික මැතිවරණය යටතේ තුනෙන් දෙකක බලයක් ලබා දුන් සියළුම ජනතාවට ස්තුතිය පිරිනමනවා. එමෙන්ම මහ මැතිවරණයේදී ජන්දය ප්‍රකාශ කළ සියලු දෙනාට මම ස්තුතිවන්ත වනවා.

ලක්ෂ 69ක ජනවරමක් සමග ජනාධිපතිධුරයට පත්වූ මාහට පාර්ලිමේන්තු මහ මැතිවරණය දක්වා පැමිණි කාලපරිචේජ්දය අභියෝගාත්මක කාල සීමාවක්. විශේෂයෙන් කොවිඩ් 19 වසංගතය සමග ලොව විශාල රටවල් ඇද වැටීමේදී ශ්‍රී ලංකාව වසංගතය පාලනය කළ ආකාරය සම්බන්ධයෙන් ලොවපුරා රටවල් වලින් පැසසුම් හිමිවුවා.

2019 පාස්කු ඉරිදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය නිසා රටේ ජනතාව තුල බියක් පැවතියා. රටේ පාලනය ලබා ගැනීමත් සමග බුද්ධි අංශ සහ ආරක්ෂක අංශ ප්‍රතිව්‍යුහගත කොට ජනතාවට බියෙන් සැකයෙන් තොරව ජීවත්වීමට හැකියාව ලැබී තිබෙනවා.

රටේ දේශපාලන ක්‍රමයද ක්‍රමයෙන් වෙනස් කරමින් පවතිනවා. රාජ්‍ය ආයතන සඳහා ප්‍රධානින් පත් කිරිමේදී ඒ සඳහා දේශපාලන පත්වීම් නොකට ඒ සඳහා සුදුස්සන් පත් කිරිමට විශේෂ කමිටුවක් පත් කොට කටයුතු කරනු ලැබුවා” යැයි මෙහිදී ජනාධිපතිවරයා කියා සිටියා.

මෙහිදී  ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ සිය ප්‍රතිපත්ති ප්‍රකාශයේ කරුණු කිහිපයක් කෙටියෙන් :

01. ජනතා නියෝජිතයින් ජනතාවගේ අපේක්ෂාවන්ට ගරු කළ යුතුයි.
02. ආණ්ඩුව ගෙනගිය වැඩපිළිවෙලේ සාර්ථකත්වය ජනවරමින් තහවුරු වුණා. 
03. පොරොන්දු වූ පරිදි පාතාලය හා මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම මෙම ජනවරමට හේතුවක්. 
04. ජනතා විශ්වාසය ආරක්ෂා කරගනිමින් ජනතාව වෙනුවෙන් සේවය කරනවා.
05. නිසි ක්‍රමවේදයක් යටතේ ජනතාවට ඉඩම් ඔප්පු ලබා දෙනවා. 
06. රටේ සෑම ප්‍රදේශයකටම පානීය ජලය ලබාදෙනවා. 
07. සෑම දරුවෙකුගේම අධ්‍යාපන අයිතිය සුරක්ෂිත කරනවා. 
08. ඖෂධ මෙරටදීම නිෂ්පාදනය කිරීමට කටයුතු කරනවා. 
09. ඖෂධ ආනයනයේ දී පවතින දූෂණය තුරන් කරනවා. 
10.කිසිදු රජයේ ආයතනයකට අනවශ්‍ය පරිදි සේවකයින් බඳවා ගැනීමෙන් වළකිනවා. 
11. කටුපොල් වගාව සම්පූර්ණයෙන්ම නතර කරනවා.
12. විශ්වවිද්‍යාල පද්ධතිය දියුණු කරමින් උසස් අධ්‍යාපනයට වැඩි අවස්ථාව සලසනවා. 
13 ඉහළ ප්‍රමිතියෙන් යුතු බීජ දේශීයව නිෂ්පාදනය කරනවා. 
14. දේශීයව කාබනික පොහොර නිෂ්පාදනය වර්ධනය කරනවා. 
15. විදේශීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවේ සිදුකරන ධීවර කටයුතු නතර කරනවා. 
16. පවතින ධිවර වරායන් සංවර්ධනය කිරීමට සහ අවශ්‍ය නම් ධිවර වරායන් ඉදි කිරීමට කටයුතු සිදුකරනවා.
16.මුදල් බලතල රාජ්‍ය අමාත්‍යවරුන්ට ද ලබා දී තිබෙනවා. 
17.නාස්තිය හා දූෂණය සිදුකරන පුද්ගලයින්ට තරාතිරම නොබලා දඬුවම් ලබාදෙනවා.
18. වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කිරීමට කටයුතු කරනවා.