පාඨලීගේ රියදුරුට සහ සුදත් අස්මඩලට අධිචෝදනා ගොනු කෙරේ

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකගේ රියදුරු ලෙසට කටයුතු කළ දිලූ‍ම් තුසිත කුමාර සහ වැලිකඩ පොලිසියේ හිටපු ස්ථානාධිපති සුදත් අස්මඩල යන අයට කොළඹ මහාධිකරණය අද අධිචෝදනා භාර දෙනු ලැබුවා. 

ඒ, 2016 වර්ෂයේදී රාජගිරිය ප‍්‍රදේශයේදී හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක ගමන් කළ බව කියන මෝටර් රථයේ ගැටී තරුණයකු තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයා ගොනු කළ පළමු නඩුවට අදාළවයි. 
ඒ අනුව විත්තිකරුවන් දෙදෙනා රුපියල් දසදහසක මුදල් ඇපයක් සහ 

රුපියල් ලක්ෂ පහක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග නියෝග කළා. අද  දින නව වන පාර්ලිමේන්තුවේ සැසිවාර ආරම්භ වන බැවින්, මෙම නඩුවේ විත්තිකරුවෙකු වන හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක  අධිකරණයේ පෙනී සිටියේ ඊයේ දිනයේදීයි. 

ඒ අනුව මෙම නඩුව ලබන 28 වනදා කැඳවීමට මහාධිකරණය නියෝග කළා.

මේ අතර, හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු තිදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිෂන් සභාව අද කොළඹ මහාධිකරණයේ නඩු පවරන ලැබුවා.  ඒ, හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න 2014 වර්ෂයේ ධීවර අමාත්‍යවරයා ලෙසට කටයුතු කළ අවස්ථාවේ මෝදර ධීවර වරාය, සී ගල්ෆ් යූකේ නැමැති සමාගමට  අඩු මුදලකට බදු දුන් බවට චෝදනා කරමින්. 


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *