සමගි ජනබලවේගයේ ඉදිරි කටයුතු ගැන පැහැදිළි කරයි

ජනතාවගේ අපේක්ෂාවන් අනුව කි‍්‍රයා කරන විපක්ෂයක් ලෙස කි‍්‍රයා කිරීමට සමගි ජනබලවේගය පියවර ගන්නා බව එම පක්ෂයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක පවසනවා.

සමගි ජනබලවේගයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.

සමගි ජනබලවේගයේ ඉදිරි වැඩපිළිවෙල සම්බන්ධයෙන් කතිකාවක් සහ අදහස් විමසීමක් සිදු කිරීමට අපේක්ෂා කරන බව ද තිස්ස අත්තනායක එහිදී සඳහන් කළා