ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයින් ගණන 134 දක්වා පහළට

කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 79 දෙනෙකු සුවය ලබා අද පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටිනවා.

ඒ අනුව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් සුවය ලැබූ සමස්ත ආසාදිතයන් ගණන 2755ක් වන අතර මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන් සංඛ්‍යාව 134 දක්වා අඩුවී තිබෙනවා.

මෙරටින් වාර්තාවූ සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන මේ වනවිට 2900ක් වනවා.

සුවය ලබා අද පිටව ගිය පිරිස අතර, වැලිකන්ද මූලික රෝහලේ 7 දෙනෙක්ද, කන්දකාඩු ප්‍රතිකාර මධ්‍යස්ථානයේ 72දෙනෙක්ද වෙති.

අද උදෑසන වනවිට රෝහල් ගතකර ඇති කොරෝනා රෝගීන් යැයි සැකසහිත රෝගීන් ගණන 74ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරන්නේ.