අද සිට පැයක විදුලි කප්පාදුවක්

අද සිට දින 04 ක කාලයක් විදුලිය විසන්ධි කිරිමට තීරණය කළ බව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති විජිත හේරත් සඳහන් කර සිටිනවා. 

ඒ අනුව දිවයින කළාප 04 කට වෙන් කොට එහි එක් එක් කළාප සඳහා පස්වරු 6 සිට 7, 7 සිට 8, 8 සිට 9 සහ 9 සිට රාත්‍රී 10 දක්වා මෙලෙස විදුලිය කප්පාදු කරන බවයි ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා සඳහන් කළේ.

දැනට අක්‍රියව පවතින නොරොච්චෝලේ විදුලි බලාගාරයේ විදුලි ජනන පද්ධතිය යළිත් යථාවත් වීමට දින 04ක කාලයක් ගතවන බවයි මෙහිදී ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ හේතුවෙන් මෙගාවෝට් 810ක විදුලි බලයක් ජාතික විදුලිබල පද්ධතියට අහිමිව ගොස් ඇති බැවින් මෙම හිඟය මග හරවා ගැනීමට මෙම ක්‍රියා මාර්ගය ගත් බව ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *