හිටපු ජනපති මෛත්‍රී පාස්කු කොමිසමට කැඳවයි

හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ලබන 26 වැනිදා පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලෙන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය හමුවට කැඳවා තිබෙනවා. ඒ, පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධව සිදුකෙරෙන විමර්ශවලට අදාළව සාක්ෂි ලබාගැනීම සඳහායි. පාස්කු ප‍්‍රහාරය එල්ල වූ සමයේ මෛතී‍්‍රපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා ලෙස කටයුතු කළා. 

මේ අතර පාස්කු ප‍්‍රහාරය පිළිබඳ සොයාබැලෙන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට, හිටපු අමාත්‍ය සාගල රත්නායකට සහ හිටපු රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධනට ද පාස්කු ප‍්‍රහාරය පිළිබඳ සොයා බැලෙන ජනාධිපති කොමිසම විසින් මීට පෙර දැනුම් දී තිබුණා. 

ඒ අනුව හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ හිටපු අමාත්‍ය සාගල රත්නායක ලබන 21 වනදා එම කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතයි. හිටපු රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන හෙට දිනයේ පාස්කු ප‍්‍රහාරය පිළිබඳ සොයා බැලෙන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතව තිබෙනවා.

පාස්කු ප‍්‍රහාරය එල්ල වූ සමයේ රනිල් වික‍්‍රමසිංහ මහතා අග‍්‍රාමාත්‍යවරයා ලෙසත්, සාගල රත්නායක නීතිය හා සාමය පිළිබද අමාත්‍යවරයා ලෙසත්, රුවන් විජේවර්ධන ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් කටයුතු කළා.