දිවයිනටම විදුලිය බිඳ වැටෙයි !විදුලි සැපයුම යථාවත් කිරිමට පැය දෙකක් ගත වෙයි : විදුලිබල ඇමති

මේවන විට දිවයින පුරා වාර්තා වන විදුලිය බිඳ වැටීම යළි යථාවත් කිරීම සඳහා පැය දෙකක කාලයක් ගතවෙනු ඇති බව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කර සිටිනවා.

අමාත්‍යවරයා සඳහන් කළේ නොරෝච්චෝලේ ලක්විජය විදුලි බලාගාරයේ සිදුවූ හදිසි බිඳ වැටීම යථාවත් කිරිම සඳහා විදුලිබල ඉංජිනේරුවන් සහ තාක්ෂණික ශිල්පින් යුහුසුළුව කටයුතු කරමින් සිටින බවයි. 

දිවයින පුරා විදුලි බිඳ වැටීමක් සිදුව තිබෙනවා. ලංකා  විදුලිබල අමාත්‍යාංශයේ අධ්‍යක්ෂක සහ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන සඳහන් කලේ මේ වන විට විදුලි සබඳතාවය යළි ස්ථාපිත කිරිම සඳහා අවශ්‍ය ක්‍රියා මාර්ග මේ වන විට ගෙන ඇති බවයි.

නොරොච්චෝලේ ලක්විජය විදුලි බලාගාරයේ සිදුවූ හදිසි බිඳ වැටීමක් හේතුවෙන් විදුලි සම්ප්‍රේෂණ පද්ධතියේ බිඳ වැටීමකට ලක්ව ඇත.