හෙට කෘත්‍යාධිකාරි රැස්වීමේදී එජාප නායකත්වය ගැන සාකච්ඡා

එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්වය සම්බන්ධව හෙට (14දා) පැවැත්වීමට නියමිත පක්‍ෂ කත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී සාකච්ඡුා කිරීමට එම පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් ඊයේ (12දා) තීරණය කර ඇත.

එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ නිවසේදී පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් ඊයේ දින පක්‍ෂයේ ඉදිරි කටයුතු සම්බන්ධව දීර්ඝ වශයෙන් සාකච්ඡුා කර ඇති අතර එහිදී මෙම තීරණය ගෙන තිබේ.

මෙම හමුවේදී තීරණය කළ කිසිවක් මාධ්‍යට නිකුත් නොකිරීමට තීරණය කළ බව එක්සත් ජාතික පක්‍ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය.

එජාප නායකත්වය සඳහා මීට පෙර යෝජනා වූ බව කියූ අකිල විරාජ් කාරියවසම්, වජිර අබේවර්ධන, දයා ගමගේ, රවි කරුණානායක යන මහත්වරුන්ට අමතරව රුවන් විජේවර්ධන, නවීන් දිසානායක, අර්ජුන රණතුංග, පාලිත රංගෙ බණ්ඩාර යන මහත්වරුද මෙම සාකච්ඡුාවට සහභාගි වූ බව මහ ලේකම්වරයා කීවේය.

මෙම සාකච්ඡුාව පැය දෙකක පමණ කාලයක් පැවැති අතර හෙට (14දා) පැවැත්වෙන කත්‍යාධිකාරී මණ්ඩල රැුස්වීමේදී මේ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට තීරණය වූ බවත් හෙතෙම සඳහන් කළේය.

නායකත්වය සම්බන්ධව ප‍්‍රශ්නය විසඳාගත් වහාම ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුරයට සුදුස්සකු නම් කරන බවද අකිල විරාජ් කාරියවසම් මහතා වැඩිදුරටත් පැවැසීය.