“ජාතික ලයිස්තු මන්ත්‍රීධූරයට නම් කිරීමේ බලය ඇත්තේ මා හට පමණයි”රතන හිමි.

අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්තී‍්‍ර ධූරය සඳහා පක්ෂයේ ගිවිසුමට අනුව නියෝජිතයා නම් කිරීමේ බලය ඇත්තේ තමන්ට පමණක් බව එම පක්ෂයේ නායක පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා. 

උන්වහන්සේ මේ බව සඳහන් කළේ අද පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්. 

බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සහ තමන් අතර කිසිඳු අර්බුධයක් නොමැති බවයි පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මෙහිදී වැඩිදුරටත් පැවසුවේ.