කොරෝනා ආසාධනය වූ රෝගීන් 23 දෙනා ගැන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ පැහැදිලි කිරිමක්

චීනයේ ෂැංහයි නුවර බලා පැමිණෙන ශ්‍රීලන්කන් ගුවන් සේවා යානයන් සති 04 ක කාලයක් අත්හිටුවීම සම්බන්ධයෙන් වන නිල නිවේදනයක් අද සවස පැවැත්වෙන විශේෂ සාකච්ජාවකින් පසුව මාධ්‍ය වෙත නිකුත් කිරිමට පියවර ගන්නා බව එම ගුවන් සේවයේ මාධ්‍ය ප්‍රකාශක දීපාල් පෙරේරා සඳහන් කර සිටිනවා.

චීනය බලා ගිය ශ්‍රිලන්කන් ගුවන් යානයක සිටි මගීන් 23 දෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට චීනයේ මාධ්‍ය වාර්තා කිරිම සම්බන්ධයෙන් අප ශ්‍රී ලන්කන් ගුවන් සමාගමෙන් විමසීමක් සිදුකළා.

එහිදී ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ මැදපෙරදිග සිට චීනය බලා ගුවන් මගීන් රැගෙන යාමට යොදා ගත් ගුවන් යානයක සිටි මගීන් පිරිසකට මෙලෙස නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අද සවස ප්‍රකාශ කිරිමට නියමිත බවයි