සමගි ජන බලේ සමගියට ජාතික ලැයිස්තුව හරස් වේ!නොදුන්නොත් ස්වාධීන වෙනවා!සුළු පක්ෂ අනතුරු අගවයි!

සිය පක්ෂය නියෝජනය කරමින් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරීපත්වන මන්තී‍්‍රවරුන් නම් කිරීම පක්ෂයේ නායක සජිත් පේ‍්‍රමදාස මහතා වෙත පැවරීමට සමගි ජනබලවේගය තීරණය කර තිබෙනවා. ඒ, සමගි ජනබලවේගයේ හවුල්කාර පක්ෂවල නියෝජිතයින් සමග පැවැති සාකච්ඡාවකදීයි.

මේ අතර සමගි ජනබලවේගයේ සුළු පක්ෂ නියෝජනය කරන හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන මනෝ ගනේෂන්, රාවුෆ් හකීම් සහ රිෂාඞ් බදියුදීන් ජාතික ලැයිස්තු මන්තී‍්‍රධූරයක් ඉල්ලා සිටීම හේතුවෙන් සමගි ජනබලවේගය තුළ මේවනවිට ගැටළුකාරී තත්ත්වයක් උද්ගතවී තිබෙනවා.

මහනුවරදී මාධ්‍ය හමුවක් කැඳවමින් මෙවර පාර්ලිමේන්තුවට තේරීපත්වූ එම් වේලූකුමාර් පැවසුවේ මනෝ ගනේෂන් නායක්වය දරණ ද්‍රවිඩ ප‍්‍රගතිශීලී සන්ධානයට මන්තී‍්‍ර ධූරයක් හිමිනොවුනහොත්, සිය කණ්ඩායම පාර්ලිමේන්තුව තුළ ස්වාධීන වන බවයි.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *