මාලක සිල්වා අත්අඩංගුවට

හිටපු අමාත්‍ය මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා තලංගම පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ඔහු තලංගම පොලීසිය හමුවේ පෙනී සිටි අවස්ථාවේදී.

සිය පියාගේ මැතිවරණ ව්‍යාපාරය සඳහා බත්තරමුල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂයක මුදලක් ඉල්ලා මරණ තර්ජනය කිරීම ඔහුට එරෙහි එල්ල වී තිබෙන චෝදනාවයි.