නව අගමැති අද වැඩ අරඹයි

මහින්ද රාජපක්ෂ මහතා නව අග‍්‍රාමාත්‍යවරයා ලෙස වැඩ භාරගැනීම අරලියගහ මන්දිරයේදී අද (11) පෙරවරුවේ සිදු කෙරෙනවා.

පෙරවරු 10.30 ට පමණ යෙදී ඇති සුබ මොහොතින් මහින්ද රාජපක්ෂ මහතා සිය ධූරයේ වැඩ භාරගැනීමට නියමිතයි. 

ශී‍්‍ර ලංකාවේ 13 වන අග‍්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ඉකුත් 09 වැනිදා දිව්රුම් දුන්නා. 

ඒ, ඓතිහාසික කැළණිය රජමහා විහාරස්ථානයේදීයි. කුරුණෑගල දිස්ති‍්‍රක්කයෙන් මෙවර මහ මැතිවරණයට තරග කළ මහින්ද රාජපක්ෂ මහතා මනාප පන්ලක්ෂ 27,364ක් ලබා ගැනීමට සමත් වුණා.

එය මෙරට මහ මැතිවරණ ඉතිහාසයේ අපේක්ෂකයෙකු ලබාගත් වැඩිම මනාප සංඛ්‍යාව වනවා. මහින්ද රාජපක්ෂ මහතා මෙලෙස අග‍්‍රාමාත්‍යධූරයට පත්වූයේ සිව්වන වරටයි.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *