පැරදුණු අය ජාතික ලැයිස්තුවෙන් ගන්න එපා – පැෆරල් සංවිධානයෙන් ඉල්ලීමක්

මෙවර මහ මැතිවරණයේදී පරාජයට පත් වූ අපේක්‍ෂකයින්ට ජාතික ලැයිස්තු මන්ති‍්‍ර ධුර ලබා නොදෙන්නැයි පැෆරල් සංවිධානය ඉල්ලීමක් කරනවා.

මේ අතර, ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධූර සදහා නම් කළ 17 දෙනාගේ ලේඛනය, එම පක්ෂය විසින් ඊයේ මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමු කර තිබුණා. පරාජිත කිසිදු අපේක්ෂකයෙකු එම ලැයිස්තුවට ඇතුළත්ව නැහැ