ඡන්දයට අදාළව සමාජජාල වෙත මුදා හරින වීඩියෝ සහ ඡායාරූප ගැන පැහැදිළි කිරීමක්

adstudio.cloud

ඡන්ද මධ්‍යස්ථානවල ඡන්දය ප්‍රකාශ කිරීම ඡායාරූපගත කිරීම හෝ වීඩියෝගත කර සමාජ මාධ්‍ය ජාල ඔස්සේ මුදාහැරීම පිළිබඳව පවතින නීතිමය තත්ත්වය පැහැදිළි කරමින් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව අද (05) ඡන්ද විමසීම දින ඡන්ද මධ්‍යස්ථානවල ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථා සහ සලකුණු කරන ලද ඡන්ද පත්‍රිකා ඡායාරූපගත කර හෝ වීඩියෝගත කර සමාජ ජාල ඔස්සේ මුදාහැරීමට කටයුතු කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව වෙත වාර්තා වී ඇති බවයි දැනුම් දෙන්නේ.

එළෙස කටයුතු කිරීම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් බැවින් එවැනි ක්‍රියාවලින් වැළකෙන ලෙස සියලු සමාජ මාධ්‍ය ජාල ගිණුම් හිමියන් හා පරිපාලකයන් වෙත මෙයින් දැනුම් දෙන බවයි නිවේදනය කර සිටින්නේ


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *