රෝසි නගරාධිපති ධුරයෙන් ඉවත් කරන ලෙස එජාප මන්තී‍්‍ර පිරිසක් රනිල්ගෙන් ඉල්ලයි

කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය එම ධුරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා කොළඹ මහ නගර සභාවේ එක්සත් ජාතික පක්‍ෂ මන්තී‍්‍රවරුන් පිරිසක් එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගෙන් ලිඛිතව ඉල්ලීමක් කර ඇත.

කොළඹ මහ නගර සභාවේ එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කරමින් මන්තී‍්‍රවරුන් 60 ක් සිටින බවත් ඉන් මන්තී‍්‍රවරුන් 56 දෙනකුගේ අත්සන් සහිතව ලිඛිතව ඉල්ලීමක් කර ඇත.

රෝසි සේනානායක මහත්මිය එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කරමින් නගරාධිපතිනිය ලෙස කටයුතු කළත් ඇය පක්‍ෂ ජයග‍්‍රහණය කරවීම වෙනුවට වෙනත් පක්‍ෂයක් ජයග‍්‍රහණය කිරීමට කටයුතු කරන බවට චෝදනා කරමින් පක්‍ෂ නායකවරයා වෙත ලිඛිතව පැමිණිලි කළ බවද ඔහු කීය.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *