අවසන් ඡන්ද ප්‍රතිඵල 06 වෙනිදා මධ්‍යම රාත්‍රියේදී!

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵල 6 වනදා මධ්‍යම රාත්‍රියට පෙර ලබාදීමට හැකිවනු ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා. මනාප ප්‍රතිඵල 07 වනදා මධ්‍යම රාත්‍රියට පෙර ලබාදීමට හැකිවනු ඇති බවට අපේක්ෂා කරන බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කළේ.

මෙවර මහ මැතිවරණයට අදාළව ගම්පහ දිස්ත්‍රික්කයේ සූදානම පිළිබඳ සොයාබැලීමට නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මේ බව ප්‍රකාශ කර සිටියා.

“අගෝස්තු 10 වන දා වනවිට සියලුම ගැසට් නිවේදන දෙන්න පුළුවන් කියලා අපි බලාපොරොත්තු වෙනවා. ප්‍රතිඵල දෙන්න පුළුවන් කියලා අපි බලාපොරොත්තු වෙනවා 6 වනදා මධ්‍යම රාත්‍රියට පෙර, මනාප ප්‍රතිඵල 7 වනදා මධ්‍යම රාත්‍රියට පෙර. ඒ ප්‍රතිඵල ගැසට් කරන්න පුළුවන් අපිට 08 වනදා වෙද්දි. ඒ වගේම ජාතික ලැයිස්තුව 09 වනදා ආවෝත් 10 වනදා ගැසට් කරලා ඒක ඉවර කරනවා.“ යැයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

එමෙන්ම මෙවර හෙට සහ අනිද්දා දිනයේදී බස්නාහිර, දකුණ ඇතුළු දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි තත්ත්වයක් බලාපොරොත්තු වන බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළකර ඇති බවත් ඊට ද මුහුණ දීමට සඳහා අවශ්‍ය සියලු කටයුතු දිසාපතිවරුන් සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමග එක්ව ක්‍රියාවට නංවා ඇති බවයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *