විදෙස්ගත ලාංකිකයින් ගෙන්වා ගැනීම යළි ඇරඹෙයි

adstudio.cloud

මෙරටට පැමිණීමට කැමැත්තෙන් විදේශයන්හි රැඳී සිටින ශී‍්‍ර ලාංකිකයන් යළි මව්බිමට ගෙන්වා ගැනීමේ මෙහෙයුම් අද (31) සිට යළි ආරම්භ කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව පළමු අදියර යටතේ අද දිනයේ ශී‍්‍ර ලංකාවට ගෙන්වා ගැනීම සිදුවන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සහ අබුඩාබිවල සිටින ශී‍්‍ර ලාංකිකයින් පිරිසක්. ඒ අනුව අදින් පසු ඉදිරියට විදෙස්ගත ශී‍්‍ර ලාංකිකයින් ගෙන්වීමේ මෙහෙයුම් ක‍්‍රමානුකූලව සිදුකරන බවයි විදේශ සබඳතා පිළිබද ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ නෙත් නිවුස් වෙත කියාසිටියේ.

කෙසේවෙතත් මැතිවරණ සමයේ දින කිහිපයක් මෙම කටයුතු තාවකාලිකව නතර කරන බව ද ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ වැඩිදුරටත් සඳහන් කළා.

කෙසේවෙතත් විදේශිකයන් සදහා මෙරට ගුවන් තොටුපොල විවෘත කරන නිශ්චිත දිනයක් මේ දක්වා ප‍්‍රකාශ කළ නොහැකි බවයි මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.  


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *