කෘත්‍යාධිකාරියේ තීරණයෙන් හිටපු මන්තී‍්‍රන් 54 ක් පළාත් පාලන නියෝජිත 61 ක් එජාපයෙන් නෙරපයි

එක්සත් ජාතික පක්‍ෂයේ සාමාජිකත්වය දරමින් සමගි ජනබලවේගය පක්‍ෂය ජයග‍්‍රහණය කිරීම සඳහා කටයුතු කරන එජාපයේ හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් 54 දෙනකු සහ පළාත් පාලන මන්තී‍්‍රවරුන් 61 දෙනකු පක්‍ෂයෙන් නීත්‍යනුකූලව ඉවත් කිරීමට ඊයේ (28 දා* පැවැති කෘත්‍යාධිකාරි මණ්ඩලයේදී පියවර ගෙන ඇත.

 මෙම ඉවත් කළ පිරිස සම්බන්ධයෙන් අද (29 දා* මැතිවරණ කොමිෂන් සභාව වෙතත් එම පිරිස වෙතත් ලිඛිතව දැනුම් දීමට කටයුතු කරන බව එක්සත් ජාතික පක්‍ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සිරිකොත පක්‍ෂ මූලස්ථානයේ ඊයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් පැවසීය’

 පක්‍ෂයෙන් ඉවත් කළ පිරිසගේ නම් ලැයිස්තුව මැතිවරණ කොමිසමට යැවීමෙන් පසු එය පිළිගෙන මැතිවරණ කොමිසම විසින් ඉවත් කරන පළාත් පාලන මන්තී‍්‍රවරුන් වෙනුවට (පුරප්පාඩු* පත්කිරීමට නියමිත මන්තී‍්‍රවරුන්ගේ නම් එවන ලෙස දැනුම් දීමෙන් පසු පක්‍ෂය විසින් නවක මන්තී‍්‍රවරුන්ගේ නම් ලැයිස්තුව මැතිවරණ කොමිසමට ලබාදීමට කටයුතු කරන බවද මහ ලේකම්වරයා අවධාරණය කර සිටියේය’

 වැඩිදුරටත් අදහස් දැක්වූ මහ ලේකම්වරයා මෙසේද පැවසීය’

 එක්සත් ජාතික පක්‍ෂයේ සාමාජිකත්වය දරමින් සිට සමගි ජනබලවේග පක්‍ෂය ජයග‍්‍රහණය කිරීමට කටයුතු කළ එජාපයේ හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් සහ ආසන සංවිධායකවරුන් 102 කගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි කරනු ලැබුවා’ ඔවුන් පක්‍ෂයෙන් ඉවත් කිරීමට පෙර විනය පරීක්‍ෂණයක් පවත්වනු ලැබුවා’ මේ සඳහා වැඩි පිරිසක් සහභාගි වුණේ නැහැ’ මේ සියලූම දෙනා සම්බන්ධයෙන් විනය පරීක්‍ෂණ පවත්වා පක්‍ෂයේ විනය කඩකර ඇති බවට තහවුරු වූ 54 කගේ පක්‍ෂ සාමාජිකත්වය ස්ථිරවම ඉවත් කළා’ ඉතිරි පිරිස සම්බන්ධයෙන් ද විමර්ශන අවසන් කර අවශ්‍ය පියවර ගනු ලබනවා’

 මොවුන් සමග පළාත් පාලන මන්තී‍්‍රවරුන් 61 දෙනෙකුගේද පක්‍ෂ සාමාජිකත්වය ස්ථිරවම ඉවත් කළා’ මෙම කි‍්‍රයා මාර්ග තුළින් වැලිගම නගර සභාවේ සභාපතිවරයා ඉවත් වෙනවා’ ඔහු මෙන් තවත් පළාත් පාලන ප‍්‍රධානීන් කිහිප දෙනෙකුට සභාවලින් ඉවත් වීමට සිදුවනවා’

 පක්‍ෂයක් වුණාම පක්‍ෂයේ විනය ආරක්‍ෂා කළ යුතුයි’ අපේ පක්‍ෂයෙන් ඉවත් කළ අවබෝධයක් නැති මුහුකුරා නොගිය නායකයන් යැයි කියා ගන්නා ඇතැමුන් පළාත් පාලන නියෝජිතයන් ඉවත් කිරීමට නොහැකි බව කීවත් ඔවුන්ටවත් පක්‍ෂ සාමාජිකත්වය රැුක ගන්න බැරිව පළාත් පාලන මන්තී‍්‍රවරුන් රැුකගත නොහැකි බව අධිකරණ දෙකකින් ලබාදුන් තීරණවලින්ම පෙනී ගොස් තිබෙනවා’ මේ අය සම්බන්ධයෙන් පක්‍ෂ තීරණයක් ගනු ලැබුවේ ඔවුන්ට කාලවේලා ලබාදීමෙන් පසුවයි’