ඡන්දය දා කලබල මඬින්න ත‍්‍රිවිධ හමුදාව සීරුවෙන් – මැකො කියයි

ඡන්ද විමසීම සිදු කරනු ලබන 05 වැනිදා යම් ප‍්‍රචණ්ඩකාරී සිද්ධියක් ඇති වුවහොත් අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගැනීම සඳහා ත‍්‍රිවිධ හමුදාව සීරුවෙන් තබන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා පැවසීය.

අවශ්‍ය වුවහොත් මැතිවරණ කොමිෂන් සභාවේ අවසරය ඇතිව පොලිස්පතිවරයාට ජනාධිපතිවයාගේ නියෝග මත ත‍්‍රිවිධ හමුදාව කැඳවිය හැකි බවද ඊයේ (27 දා) පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා කියා සිටියේය.

පූර්ණ මැතිවරණ නිතිය තුළ මේ වන තෙක් බරපතළ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා වාර්තා වී නොමැති බවද ඒ මහතා කීය.

එසේ වුවද පුත්තලම පොලිස් බල ප‍්‍රදේශ 4 ක යතුරුපැදි තිහක් හතළිහක් පමණ ගමන් කරමින් අපේක්‍ෂක ප‍්‍රචාරක පෙළපාළි පවත්වා ඇතැයිද කල්මුණේ ප‍්‍රදේශයේ අශ්වයින් හා ට‍්‍රැක්ටර් යොදාගෙන පෙළපාළි පවත්වා ඇතැයිද මෙය සාධාරණ ඡුන්ද විමසීමකට බාධාවක් බවද දේශප‍්‍රිය මහතා පැවසීය.

එම නිසා අදාළ ප‍්‍රදේශවලට විශේෂ කාර්ය බළකායේ ආරක්‍ෂාව යොදවා ඇතැයිද ඒ මහතා කියා සිටියේය.