තින්දුව දෙන්නත් කලින් බන්ධනාගාර බස් එක ඇවිත්! අධිකරණය රැත් ඇරන් ඉදලා!රහස් පොලිසියට පරික්ෂන පවරයි.

හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ, එම අමාත්‍යාංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක සහ හිටපු දිවිනැඟුම අධ්‍යක්ෂ ජනරාල් ආර්. ඒ. ඒ. කේ. රණවක යන මහත්වරුන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් 2015.04.22 දින අත්අඩංගුවට ගෙන කඩුවෙල මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමටත් පෙර බන්ධනාගාර බස් රථයක් එම අධිකරණ භූමියට පැමිණියේ කෙසේද යන්න ගැන වහාම විමර්ශනයක් සිදුකරන ලෙස පසුගිය රජයේ දේශපාලන පලිගැනීම් විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසමේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා එම කොමිසමට අනුයුක්ත රහස් පොලිස් ඒකකයට ඊයේ (24 දා) නියෝග කළේය.

එම විමර්ශනය ජූලි 30 වැනිදාට පෙර අවසන් කරන ලෙස ද කොමිසමේ සභාපතිවරයා එම රහස් පොලිස් ඒකකයට දැනුම් දුන්නේය.

තමා බැසිල් රාජපක්ෂ මහතා සහ වෛද්‍ය නිහාල් ජයතිලක මහතා සමඟ මූල්‍ය අපරාධ කොට්ඨාසයේ වෑන් රථයකින් කඩුවෙල මහෙස්ත‍්‍රාත් අධිකරණයට ගෙනයන විට බන්ධනාගාර බස් රථයක් අධිකරණ භූමියේ ආසන්න ස්ථානයක නවතා තිබෙනු දුටු බව ද ඒ අනුව අනිවාර්යයෙන්ම තමාට බන්ධනාගාරගත වීමට සිදුවනු ඇති බවට හැඟීමක් ඇති වූ බව ද අසන ලද ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් හිටපු දිවිනැඟුම අධ්‍යක්ෂ ජනරාල් ආර්. ඒ. ඒ. කේ. රණවක මහතා ඊයේ කොමිසමට කීවේය.

තමා ඇතුළු පිරිස කඩුවෙල මහෙස්ත‍්‍රාත් අධිකරණයට රැුගෙන යන විට වේලාව 2015.04.22 දින රාති‍්‍ර 10 ට පමණ ඇති බවත් ඒ අවස්ථාවේ සාමාන්‍ය අධිකරණ රාජකාරි අවසන්ව තිබුණත් කඩුවෙල මහෙස්ත‍්‍රාත් ධම්මික හේමපාල මහතා අධිකරණයේ රැුඳී සිටි බව ද රණවක මහතා කොමිසම හමුවේ සාක්ෂි දෙමින් කීවේය.

බන්ධනාගාර බස් රථයට පැමිණෙන ලෙස දැනුම් දීමක් කරන්නට ඇත්තේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් කියා තමා සිතන බවත් තමා ඇතුළු පිරිස අධිකරණයට ඉදිරිපත් කර නියෝග ලැබීමටත් පෙරම බන්ධනාගාර බස් රථය පැමිණ නවතා තිබුණු බවත් සාක්ෂිකරු කොමිසමට කීවේය.

කඩුවෙල උසාවියෙන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ නියෝගය ලැබීමටත් පෙරම බන්ධනාගාර නිලධාරීන් ද තමන් ඇතුළු පිරිස රැුගෙන එන තෙක් බලා සිටි බව ද එදින කඩුවෙල මහෙස්ත‍්‍රාත් අධිකරණ භූමියට මාධ්‍යවේදීන් විශාල පිරිසක් පැමිණ සිටි බව ද සාක්ෂිකරු කොමිසමට කියා සිටියේය.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *