යුධ හමුදා බුද්ධි අංශ විසින් කොරෝනා ආසාදිතයා ජාතික රෝහලේදී අල්ලා ගනියි!

IDH රෝහලෙන් පළා ගිය කොරෝනා ආසාදිත කන්දකාඩු රැඳවියා කොළඹ ජාතික රෝහලේ භාහිර රෝගී ප්‍රතිකාර ඒකකයේදී  සොයා ගෙන ඇති බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර සිටිනවා.

යුධ හමුදා බුද්ධි අංශ විසින් මෙම පළා ගිය රෝගියා කොළඹ ජාතික රෝහලේදී සොයා ගෙන සිය භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ ප්‍රකාශ කළේ මේ වන විට එම කොරෝනා ආසාදිත රෝගියා යලි IDH රෝහලට ඇතුලත් කිරීම සඳහා අවශ්‍ය ක්‍රියා මාර්ග ගෙන ඇති බවයි. 


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *