පළා ගිය රැඳවියා සොයා අංශ ගණනාවකින් මෙහෙයුම්.

නව කොරෝනා වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටියදී IDH රෝහලෙන් පැන ගිය රැඳවියා සොයා විශේෂ පොලිස් කණ්ඩායම් 06ක් මේ වන විට යොදවා තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න ප්‍රකාශ කර සිටිනවා.

මෙම කොරෝනා වෛරසය ආසාදනය වූ රැඳවියා අද අළුයම 3.00 ට පමණ රෝහලෙන් පළා ගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

මේ අතර මෙම රැඳවියා සොයා මේ වන විට යුධ හමුදා බුද්ධි අංශ ඇතුළු කණ්ඩායම් රැසක් යොදවා ඇති බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර සිටිනවා.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *