තැපැල් ඡන්ද සළකුණු කිරීමට අද සහ හෙටත් අවස්ථාව

තැපැල් ඡන්ද සහතික කිරීමේ කාර්යයාලවලදී හෝ දිස්ති‍්‍රක් මැතිවරණ කාර්යයාලවලදී තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වූ තැපැල් ඡන්ද හිමියන් සඳහා තැපැල් ඡන්ද සලකුණු කිරීමට අද (24) සහ හෙට (25) අවස්ථාව හිමි වනවා.

අද උදෑසන 08.30 සිට සවස 04.00 දක්වාත්, හෙට උදෑසන 08.30 සිට සවස 02.00 දක්වාත්, ඒ සඳහා අවස්ථාව සලසා දී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ.

මෙතෙක් සිය තැපැල් ඡන්දය සලකුණු කිරීමට අපොහොසත් වූ තැපැල් ඡන්ද හිමියන්ට තම කාර්යයාලය පිහිටි දිස්ති‍්‍රක්කයේ, දිස්ති‍්‍රක් මැතිවරණ කාර්යයාලයේදී මෙම පහසුකම සලසාගත හැකි බව ද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළා