තෙවරප්පෙරුම පහර කා රෝහලේ!

හිටපු රාජ්‍ය අමාත්‍ය කළුතර දිස්ත‍්‍රික් එක්සත් ජාතික පක්‍ෂ අපේක්‍ෂක පාලිත තෙවරප්පෙරුම මහතා ඊයේ (22දා) පස්වරුවේ කිසියම් පිරිසකගේ කිසියම් පිරිසකගේ පහරදිමකට ලක්ව ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි මතුගම පොලිසිය කියයි.

කළුතරට පානීය ජලය ලබාදීම සදහා යොදනු ලබන ජල නළ පද්ධතියේ ප‍්‍රමිතිය පරීක්‍ෂා කිරීමට ඊයේ පස්වරු 2 ට පමණ හිටපු අමාත්‍යවරයා මතුගම වැල්කන්දල ප‍්‍රදේශයට ගොස් තිබේ. එහිදී අදාළ ජල නළ යොදනු ලබන කොන්ත‍්‍රාත් සමාගමේ නිලධාරීන් පිරිසක් සමගින් කථා බහක් සිදුව ඇති අතර එය දුරදිග යෑමෙන් පහරදීම සිදුව ඇති බවත්, පහරකෑමට ලක්ව ඇති හිටපු අමාත්‍යවරයා බිම ඇද වැටී ඇති බවත් පැවසේ.

තුවාල ලැබූ මන්තී‍්‍රවරයා කළුතර නාගොඩ මහ රෝහලට ඇතුළත් කර ඇත. ඔහු වම් පාදයට සිදු වූ බරපතළ තුවාල සහිතව වාට්ටු අංක 5 හි නේවාසිකව ප‍්‍රතිකාර ලබන බවත්, ඊයේ පස්වරුවේ ශල්‍යකර්මයක් සදහා යොමුකිරීමට නියමිතව සිටි බවත් රෝහල් ප‍්‍රකාශකයෙක් පැවසීය.

කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති විජිත ගුණරත්න කොට්ඨාස භාර පොලිස් අධිකාරී කපිල පේ‍්‍රමදාස සහ සහකාර පොලිස් ජී.එන්. ජයසිරි යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි මතුගම මූලස්ථාන පොලිස් පරීක්‍ෂක යූ.කේ.ඞී. උඩවත්ත මහතාගේ ප‍්‍රධානත්වයෙන් වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වේ.