පාස්කු ප‍්‍රහාර ත‍්‍රස්තයෙකුගේ බිරිදක් අතුරුදන්.මුළ සිට විමර්ශන කළ තමාව මාරු කලා!පරික්ෂණ නතර වුනා!නිලධාරියා හෙලි කරයි.

මීගමුව කටුවාපිටිය දේවස්ථානයට පාස්කු ඉරුදින මරාගෙන මැරෙන ප‍්‍රහාරයක් එල්ල කළ හස්තුන් නැමැත්තාගේ බිරිද වන පුලස්තිනි මහේන්ද්‍රන් නොහොත් සාරා ජෙස්මින් නැමැත්තිය මියගිය බවට මෙතෙක් තහවුරු නොමැති බව අද අනාවරණ වුණා. ඒ, පාස්කු ප‍්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමේදියි.

කොමිසම හමුවේ සාක්ෂි දුන් අම්පාර පොලිස් කොට්ඨාශය භාරව එවකට රාජකාරී කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සාමන්ත විජේසේකර සඳහන් කළේ සයින්දමර්දු මරාගෙන මැරෙන බෝම්බ පුපුරුවාගත් නිවසේ අවසන් මොහොත දක්වා සාරා ජෙස්මින් නැමැත්තිය සිටි බවට විමර්ශන ඔස්සේ අනාවරණය වූ බවයි. එහෙත් පිපිරීමෙන් පසු හමුවු කිසිදු මළසිරුරක් ඇයගේ මවගේ ඪ්ණැ සාම්පල සමග නොගැලපෙන බවයි එහිදී ප‍්‍රකාශ වුණේ.

අදාළ නිවසේ කාමරයක තිබි මුදල් පසුම්බියක් හමුවු අතර එය පුලස්තිනි මහේන්ද්‍රන් නොහොත් සාරා ජෙස්මින්ට අයත්වුවක් බව ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂිදෙමින් ඔහු කියා සිටියා. සයින්දමර්දු පිපිරීම සම්බන්ධයෙන් මුළ සිට විමර්ශන කළ තමන්ව 2019 ජුලි 24 වන දින හදිස්සියේම ස්ථාන මාරු කිරීම හරහා තමන් එතෙක් කරගෙන ආ විමර්ශන වලට බාධා එල්ල වු බවයි සාක්ෂිකරු ජනාධිපති කොමිසම හමුවේ පවසා ඇත්තේ. තමන්ගෙන් පසු අම්පාර කොට්ඨාසය භාරව පත්වු පොලිස් නිලධාරියාද මෙම අන්තවාදි ක‍්‍රියාකාරකම් සම්බන්ධයෙන් දැඩි උනන්දුවකින් කටයුතු කළද ඔහුද මාස 06කින් ස්ථාන මාරු කර ඇති බව මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

මෙම ස්ථාන මාරුවීම් දේශපාලන බලපෑම් මත සිදුවූවා දැයි සැක මතු වන බවද ඔහු පවසා තිබෙනවා. තමන් ඇතුළු කණ්ඩායම මෙම ත‍්‍රස්තවාදින් හා සම්බන්ධ බොහෝ අය අත්අඩංගුවට ගැනීමට කටයුතු කළද, හදිස්සියේ ලද ස්ථාන මාරුව හරහා සියළුම ත‍්‍රස්තවාදීන් අත්අඩංගුවට ගැනීමට නොහැකි වු බව එවකට රාජකාරී කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සාමන්ත විජේසේකර වැඩිදුරටත් පැවසුවා


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *