හමුදා නිලධාරියෙකුට මරු කැඳවූ නුගේගොඩ රිය අනතුර

adstudio.cloud

නුගේගොඩ ගුවන් පාලමේදී බස් රථයක් යුධ හමුදා කැබ් රථයක ගැටීමෙන් සිදුවූ අනතුරෙන් එක් හමුදා සාමාජිකයෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න ප්‍රකාශ කර සිටිනවා.

මෙම අනතුර අද උදෑසන සිදුවූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ.

කොළඹ දෙසට ධාවනය වෙමින් තිබු බස් රථයකට ඊට පසු පසින් පැමිණි තවත් බස් රථයක් අපරික්ෂාකාරී ලෙස ඉස්සර කිරිමට යාමේදී ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යුධ හමුදා කැබ් රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *