සියලු බෝවන රෝග පාලන කටයුතු වලින් PHI නිලධාරීන් ඉවත් වෙයි!

කොවිඩ් 19 ඇතුළු සියලුම බෝවන රෝග පාලන රාජකාරිවලින් අද සිට ඉවත් විමට මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් තීරණය කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ගේ ප්‍රකාශයක් පිළිබඳව මාධ්‍ය පළවූ තොරතුරු හේතුවෙන් මෙම තීරණය ගත් බව ශ්‍රි ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසුරිය ප්‍රකාශ කර සිටිනවා.

අමාත්‍යවරියගේ ප්‍රකාශය මෙන්ම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට බලතල ලබා නොදීමට ගෙන ඇති තීරණයට විරෝධය පළ කිරීම සඳහා ද මෙම තීරණය ගත් බවයි ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ.  ඊයේ දහවල් 12.30 සිට කොවිඩි 19 රාජකාරිවලින් ඉවත් වූ බවත් අද සිට සියලුම බෝවන රෝග වැළැක්වීමේ ඉවත් වන බව සඳහන් කළ එම සංගමයේ ලේකම්වරයා ඩෙංගු මර්ධන වැඩපිලිවලද ඊට අයත් වන බව ප්‍රකාශ කර සිටියා.

” කොවිඩ් ආසාදිත රෝගීන් සහ ඔවුන්ගේ සමිපතයින් සොයා යෑම, ඔවුන්ව නිරෝධායනයට ලක් කිරීම, ආසාදිත පුද්ගලයින් වාර්තා වුවහොත් ඔවුන්ව ප්‍රතිකාර සඳහා යොමු කිරීමට අවශ්‍ය සිදුකරන සම්බන්ධිකරණයන්, ආශ්‍රිතයින් PCR පරීක්ෂණ සඳහා යොමු කිරීම සහ නිරෝධායනය අවසන් කළ පුද්ගලයින්ට එම සහතික පත් නිකුත් කිරීම ඇතුළු සියලුම බෝවන රෝග පාලන රාජකාරී වලින් ඉවත් වීමට තීරණය කළ බවයි” එම සංගමයේ ලේකම්වරයා ප්‍රකාශ කර සිටියේ.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට නිසි රාජකාරි බලතල ලබා දෙන තුරු තම වෘත්තීය ක්‍රියාමාර්ගය දිගටම ගෙන යාමට බලාපොරොත්තු වන බවයි ඔහු මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *