නාකොටික් නිලධාරීන්ගේ සැටලයිට් දුරකථනයක් මීගමුවේ ධීවරයෙක් ළග

පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් කණ්ඩායම හෙරොයින් ජාවාරම් සඳහා යොදා ගත් රුපියල් ලක්ෂ ගණනක් වටිනා සැටලයිට් දුරකථනයක් මීගමුව ප‍්‍රදේශයේ ධීවරයකු සතුව තිබී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙය වූ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ උප පොලිස් පරීක්ෂක උදාර නමැත්තා විසින් මෙම සැටලයිට් දුරකථනය මීගමුව ප‍්‍රදේශයේ ධීවර බෝට්ටු හිමියකුට ලබාදී ඇත්තේ තවත් හෙරොයින් තොගයක් බෝට්ටුවකින් මෙරටට ගෙන්වා ගැනීමට බව විමර්ශනවලින් හෙළි වී තිබේ.

මෙම සැටලයිට් දුරකථනය සන්තකයේ තබාගෙන සිටි ධීවරයා රහස් පොලිසියේ නිලධාරීන් කළ ප‍්‍රශ්න කිරීම් හමුවේ ප‍්‍රකාශ කර ඇත්තේ හෙරොයින් තොගයක් වැටලීම සඳහා මෙම සැටලයිට් දුරකථනය සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා තමන්ට ලබාදුන් බවයි.

පාකිස්තානයේ සිට මෙරටට රැුගෙන එන හෙරොයින් තොගයක් මහ මුහුද මැද දී තම ධීවර බෝට්ටුව වෙත ලබා ගැනීමට උපදෙස් දුන් බවත් මෙම හෙරොයින් තොගය අත්අඩංගුවට ගැනීමට තමන් සූදානමින් සිටින බවත් සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා තමාට පැවසූ බවත් මෙම ධීවරයා වැඩිදුරටත් ප‍්‍රශ්න කිරීම් හමුවේ ප‍්‍රකාශ කර ඇත.

විමර්ශනවලින් හෙළි වී ඇත්තේ මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිස මෙම හෙරොයින් තොගය මෙරටට ගෙන්වා ගැනීමට සැලසුම් කර ඇත්තේ ඒවා හොර රහසේම විකිණීම සඳහා බවයි.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *