ඇඳිරි නීතිය පැනවීම අවශ්‍ය නැහැ – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්

මේ මෙහොතේ රටට ඇඳිරි නීතිය පැනවීමේ අවශ්‍යතාවයක් නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කර සිටිනවා.

මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් රටපුරා ව්‍යාප්ත වීමේ ප්‍රවණතාවයක් නොමැති බවත් යම් ගැටළුවක් පැන නැගුනොත් ඊට අවශ්‍ය අයුරින් පියවර ගන්නා බව සෞඛ්‍ය වෛද්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා කියා සිටියා.

මේ වන විට කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ ඇතිවූ කොරෝනා වෛරස පොකුරෙන් රෝගීන් 532ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා කියා සිටියා.

එලෙස වාර්තාවූ පුද්ගලයින් ගෙන් 25 දෙනෙකු කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කළ පුද්ගලයින් ගේ නිවෙස් වල පුද්ගලයින් වන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා කියා සිටියා.

නව කොරෝනා වෛරසයේ රෝග ව්‍යාප්තිය සම්බන්ධයෙන් කිසිදු පුවතක් සැඟවීමට අවශ්‍ය නොවන බවත් සෑම තොරතුරක්ම ජනතා දැනුවත් කිරිමට පියවර ගන්නා බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා කියා සිටියේ.

කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ කොරෝනා පොකුරත් සමග PCRර්‍ පරීක්ෂණ 3000ක් සිදුකොට එහි ප්‍රථිපල ලැබී ඇති බවත් ඉදිරියේදී දිවයිනේ ස්ථාන රැසක දී PCR පරීක්ෂණ සිදුකරනු ලබන බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කළේ.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *