රුසියානු තරුණිය තමන්ට අතවර කළ 3ක් හඳුනා ගනී

ගාලූමුවදොර පිටියේදී පසුගිය 6 වැනිදා රුසියානු තරුණියකට අයුතු ලිංගික හිරිහැර කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන හඳුනා ගැනීමේ පෙරෙට්ටුව සඳහා ඉදිරිපත් කළ තරුණයන් 5 දෙනා අතරින් තිදෙනකු හඳුනා ගැනීමට රුසියානු තරුණිය ඊයේ (13දා) සමත් වූවාය.

කොටුව මහෙස්ත‍්‍රාත් අධිකරණය හමුවේ එම හඳුනා ගැනීමේ පෙරෙට්ටුව පැවැත්විණි. මෙලෙස හඳුනාගත් සැකකරුවන් තිදෙනා ඇතුළු සැකකරුවන් 5 දෙනා ලබන 27 වැනිදා දක්වා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහෙස්ත‍්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළේය.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *